එජාපය තුළ නැවතත් ඡන්ද විමසීමක්

එක්සත් ජාතික පක්ෂය තුළ නැවතත් ඡන්ද විමසීමක් සිදුකිරීමට සිදුව ඇතැයි එහි ආරංචිමාර්ග අනාවරණය කරයි.

එම පක්ෂයේ නියෝජ්‍ය නායක, උප නායක සහ ජාතික සංවිධායක යන ප්‍රධාන තනතුරු නැවත පත්කිරීසමේදී  එක්‌ තනතුරක්‌ සඳහා පුද්ගලයන් කිහිප දෙනකු ඉදිරිපත්වනු ඇති බැවින් ඒ සඳහා ඡන්ද විමසීමකට යැමට සිදුවෙනු ඇතැයි එහි සඳහන්වේ.

ඒ අනුව ලබන ජනවාරි මස 10 වැනිදින පැවැත්වීමට නියමිත මීළඟ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මේ පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීමට නියමිතව ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්