(දෙවන සංස්කරණය) ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර අද (01) නවසීලන්තයේ වොලින්ටන්හිදී පැවති තරගය කඩුළු 9කින් ජයග්රහණය කිරීමට මීට සුළු වේලාවකට පෙර සමත් විය. ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 309ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අතර සාර්ථක ආරම්භයක් ලබා දුන් ඩිල්ෂාන් හා ළහිරු තිරිමාන්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. ඩිල්ෂාන් ලකුණු 44ක් ලබා සිටියදී දැවී යෑමෙන් අනතුරුවට පිටියට පිවිසි කුමාර් සංගක්කාර හා එක් වූ තිරිමාන්න පන්දුවාර 47.2 ලකුණු 212 නොබිඳුණු සබඳතාවයක් පවත්වමින් එම ඉලක්කයකදි පසු කර යෑමට සමත් විය. එහිදී ළහිරු තිරිමාන්න ලකුණු 139ක් හා කුමාර් සංගක්කාර ලකුණු 117ක් ලබා ගනිමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 309ක් ලබා ගැනීමට සමත් විය. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ජෝ රූට් ලකුණු 121ක් ලබා ගැනීමට සමත් විය. 












