ඌව සභාව අසාර්ථකම එක බව මහ ඇමතිම කියයි

ඌව පළාත් සභාව ලංකාවේ අසාර්ථකම පළාත් සභාව බව දියතලාව මහවිදුහලේ පැවැති උත්සවයකට එක් වෙමින් එම පළාත් සභාවේ වත්මන් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කර තිබේ.

රාජපක්ෂ පාලනය බිඳ වැටීමත් සමග අවුරුද්දක් ඇතුළත ඌව පළාත් සභාවේ මහඇමති ධූරය තෙවරක් මාරු විය. මීට පෙර මහ ඇමති ධූර දැරූ ශෂීන්ද්‍ර රාජපක්ෂ හා හරීන් ප්‍රනාදු යන දෙදෙනා ඌව පළාතේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බවට ජනතා විරෝධය එල්ල විය. විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය විසින් ආරම්භ කළ අසාර්ථක උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටී.

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක තුළ පවතින දුෂ්කරතාවයන් තම දේශපාලන වාසියට හරවා ගනිමින් මැතිවරණ සමයන්හිදී ප්‍රකාශ නිකුත් කළත් ජනතාවගේ ජන ජීවිතයට බලපාන ප්‍රශ්න විසඳීමට පැවති පාලනයත් වත්මන් පාලනයත් අසමත් වී සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්