පැවති 2023 අධ්යාපන පොදු සහතිකපත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කරන්නේ පහත වෙබ් අඩවිවලින් ප්රතිඵල ලබාගත හැකි බවය.
සිසුන් තුන්ලක්ෂ හතලිස් හයදහස් නවසිය හැත්තෑ හයක් (346,976) සහභාගී වූ විභාගයට පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ අසූ එක්දහස් හාරසිය හතලිස් පහක් (281,445)ද පෞද්ගලික අයදුම්කරුවන් හැටපන්සහස් පන්සිය තිස් එකක් (65,531)ද සහභාගී වී ඇත.










