උසස්පෙළ ප්‍රතිඵල අවුල නිසා ළමුන් සහ දෙමාපියන් මානසිකව වැටිලා

2011 උසස්පෙළ විභාග ප්‍රතිළුල අවුල් කිරීමත් සමග ළමුන් සහ දෙමාපියන් රැසක් දැඩි මානසික පීඩනයට ලක්ව ඇතැයි මනෝ වෛද්‍ය විශේෂඥයින් පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඥාණදාස පෙරේරා පැවසුවේ අනපේක්ෂිත ප්‍රතිඵල හේතුවෙන් ළමුන් සහ දෙමාපියන් යන දෙපිරිසම මෙම තත්ත්වයට පත්ව ඇති බවයි.

මෙම ප්‍රතිඵල ඉදිරියේදී ළමුන්ගේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්