උමා ඔය සංකීර්ණ තත්වයක් – බීබීසී හෙළිකරයි

උමා ඔය සංකීර්ණ තත්වයක් – බීබීසී හෙළිකරයි

උමා ඔය ව්‍යාපෘතියේ ජල විදුලි උත්පාදනය ආරම්භ කිරීමත් සමඟ කරඳගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව මලිත්තගොල්ල වර්ෂාපතනයක් පවා නොමැතිව විශාල නායයාමක් සක්‍රීයවීම සංකීර්ණ තත්වයක් බව මේ වනවිටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කරන කණ්ඩායම් ප්‍රකාශ කර තිබේ.

එම පර්යේෂණ කණ්ඩායම් සමඟ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් බීබීසී වෙබ් අඩවිය වාර්තාවක් පළ කර තිබේ. එය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.

උමා ඔය ව්‍යාපෘතිය : ‘වැස්ස නැතුව නාය යන්නේ උමගේ ලීක් එකක් නිසා බවට සැකයක් තියෙනවා

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කරඳගොල්ල විදුලි බලාගාරය ආසන්නයේ පිහිටි මලිත්තගොල්ල ගම්මානය නාය යෑමට හේතුව සොයා ගැනීම සඳහා තවදුරත් පරීක්ෂණ කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන පවසයි.

ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මැයි 01 වැනි දා අදාල ප්‍රදේශය නිරීක්ෂණය කරන ලදී.

”අපිට නිල නොවෙන විදියට වාර්තා වෙනවා ඩයරබා ජලාශයේ සිට ඇතුළු කරන ජල ප්‍රමාණය කරඳගොල්ලෙන් පිට කිරීමේ දී සැලකිය යුතු අඩුවීමකට ලක්වෙනවා කියලා. ඒ නිසා වැස්ස නැතුවත් නාය යන්නේ මේක නිසාදැයි සැක මතුවෙන බව, උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න BBC සිංහල සේවයට පැවසුවේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්