උතුරුමැද සභාපතිට මෛත්‍රීපාලගෙන් රතු එළියක්

පසුගියදා පත්වූ උතුරුමැද පළාත් සභාවේ නව සභාපතිවරයා පිළිබඳව ශ්‍රිලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඒ මහතා එහිදී පවසා ඇත්තේ, පක්ෂ තීන්දුවට පටහැනිව එජාප යෝජනා ස්ථීරත්වයෙන් පත්කළ උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයා ආණ්ඩු පක්ෂයේ කටයුතුවලට බාධාවක් වන අයුරින් ක්‍රියා කළහොත් ඔහුට විරුද්ධව විනයානුකුල පියවර ගන්නා බවයි.

එසේම 13වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව රහස් ඡන්දයෙන් සභාපති ලෙස කෙනකු තෝරාපත්කර ගැනීමට මන්ත්‍රිවරුන්ට අයිතියක් තිබෙන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

ආශ්‍රිත පුවත්

උතුරුමැද සභාපති ඡන්දයෙන් බර්ටි ජයගනී

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්