රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ කුලී හේවායන් ලෙස ශ්රී ලාංකික විශ්රාමික හමුදා නිලධාරීන් සහ සෙබලුන් යැවීම පිළිබඳව අද (08) මාධ්යයට අදහස් දැක්වූ ආරක්ෂක අමාත්යංශයේ ලේකම් කමල් ගුණරත්න අනාවරණය කර තිබෙන්නේ හොර රැකියා ඒජන්සි පිරිසකට එම විශ්රාමිකයින් රැවටී ඇති බව ය.
එම ප්රකාශයේදී ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කරනු ලැබීය.
“තම දිවිහිමියෙන් ඉතා විශාල මෙහෙයක් කරපු අපේ රණවිරුවන් මේ කුලී හේවායක් විදිහට යන ප්රවනතාවක් ඇති වී තිබෙනවා. මම විශේෂයෙන් කියන්න කැමතියි මේ රණවිරුවන්ට ඔබ ඉතාමත්ම උත්තරීතර සේවයක් කරලා මේ මාතෘභූමියටත් ජනතාවටත් විශාල සේවයක් කරපු අය. එහෙම කරලා තමන්ගේ ජීවිතය නැති කර ගන්නත් ඒ වගේම තමන් ආගිය අතක් තමන්ගේ පවුල්වල අයට ප්රශ්න ඇති නොවන හැටියට කටයුතු කිරීම ගැන අපි ඇත්තටම කණගාටු වෙනවා. හොර රැකියා ඒජන්සි පිරිසක් එකතු වෙලා විශ්රාම ගිහින් ඉන්න රණවිරුවන් රුසියානු යුක්රේන යුද්ධයට යවන්න මිනිස් ජාවාරමක් කරනවා“ යනාදි වශයෙන් පැවසීය.
ආරක්ෂක අංශවල සාමාජිකයින් උදාර සේවයක් කළ බව ඔහු පැවසූව ද, යුද්ධයක් නැති පසුබිමක පවා ශ්රී ලංකා යුද හමුදාවේ 10,000කට ආසන්න පිරිසක් මේ වනවිට හමුදාව හැර යාමට සලස්වා තිබේ. ත්රිවිධ හමුදා සාමාජිකයින් හට ලබා දී ආහාර ඇතුළු සංග්රහ කටයුතු මුදල් මෙන් ම, වෙනත් දීමනා ද විශාල වශයෙන් කපා හැර තිබේ.










