උඩුවේ හිමියන්ගේ අලි නඩුව 20 සිට විභාගයට

උඩුවේ හිමියන්ගේ අලි නඩුව 20 සිට විභාගයට

සොරකම් කළ අලි පැටවෙකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමිටන්ට එරෙහි නඩුව ලබන ඔක්තොම්බර් 20 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා තීරණය කළේ ය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේ ය.

2015 ජනවාරි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථනයේදී ගියාපදිංචි නොකළ හා බලපත්‍ර නොමැති අලියෙකු තම භාරයේ තබාගෙන සිටි බවද ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියෙකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපළක් වන අලියෙකු වංචනිකව තම සන්තකයේ තබාගන්නා ලදැයි අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.

පොදු දේපළක් වන අලි පැටවා නිසි බලපත්‍රයක් නොමැතිව තබාගෙන සිටි බවට නීතිපතිවරයා විසින් උඩුවේ හිමියන්ට එරෙහිව නඟා ඇති චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 19ක් හා ලේඛන තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්