ඊමේල් තාක්ෂණය ලොවට හඳුන්වාදීමට කටයුතු කළ ඇමෙරිකානු ජාතික රේ ටොම්ලින්සන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මිය යන විට ඔහු 74 වැනි වියෙහි පසුවූ බව පැවසේ.
කේම්බ්රිජ්හි මැසචුසෙට්ස් හි කාර්යාලයේ සේවය කරමින් සිටි ඔහු පසුගිය සෙනසුරාදා හෘදයාබාධයකින් මිය ගිය බවත් එය ස්ථිර ලෙසම තහවුරු කරගෙන ඇත්තේ ඊයේ (7) බවත් පැවසේ. 1971 දී ආපනෙට් නමින් ඊමේල් වැඩසටහන් ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ ටොම්ලින්සන් නිව්යෝක් නුවර ඇම්ස්ටඩ්රෑම් හි ඔහු උපත ලැබීය. වෘත්තියෙන් ඔහු ඉලෙක්ට්රොනික ඉංජිනේරුවරයෙක් ද වේ.
එක් පරිගණකයක සිට වෙනත් පරිගණකයකට පණිවුඩයක් යොමු කරමින් රේ ඊමේල් පද්ධතිය ලොවට හඳුන්වා දුන්නේ 1971 වසරේදීය. එමෙන්ම ඊමේල් ලිපින සඳහා ඇට් “@” යන සංඛේතය ලොව පළමු වරට භාවිත කළේද රේ ටොම්ලිම්සන් බව පැවසේ.









