පලස්තීන සටන්කාමී සංවිධානය වන හමාස් සංවිධානය හා පැය 72 ක කොන්දේසි විරහිත සටන් විරාමයකට එළඹීමට ඊශ්රායලය එකඟ වී තිබෙන බව වාර්තා වේ. මෙම
සටන් විරාමයට හමාස් සංවිධානය එකඟතාවය පළ කර තිබෙන අතර අද (01) ලංකාවේ වේලාවෙන් පෙ.ව. 11.00 සිට මෙය ක්රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඊශ්රායලය මෙසේ සටන් විරාමයකට එළඹීමට හේතු වී තිබෙන්නේ පලස්තීනයට ගොඩබිමින් ප්රහාර එල්ල කිරීම ඇරඹීමත් සමග හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්රහාර සහ ගැටුම් හේතුවෙන් ඊශ්රායල සෙබලූන් 56 දෙනෙකු මිය යෑම බව වාර්තා වේ. මේ නිසා ඊශ්රායලය අභ්යන්තරයෙන් මෙම මෙහෙයුම්වලට විරෝධය එල්ල වීම බව විදෙස් තොරතුරු අනාවරණය කරයි.
පසුගිය ජූලි 8 වැනිදා ගාසා තීරයේ ඊශ්රායල මෙහෙයුම් ආරම්භ වූ පසු මේ වනවිට පලස්තීනුවන් 1500 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇත. ඉන් බහුතරයක් කාන්තාවන් හා කුඩා ළමුන් බව පැවසේ. ඇමරිකා එක්සත් ජනපදය මේ වනවිටත් ඊශ්රායලය සිදු කරනු ලබන මෙම මිලේජ්ඡ සංහාරයට එරෙහිව වීමක් සිදු කර නොමැති අතර එය සාධාරණීකරණය කරමින් සිටී. ඊශ්රායලයේ සිදු කරනු ලබන ආක්රමණකාරී ක්රියාමාර්ගයන්ට දැඩි විරෝධයක් මැදපෙරදිග ඇතුළු බොහෝ රටවල් විසින් එල්ල කරමින් තිබේ.









