ඊයේ රාත්රියේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මිලි මීටර් 200ක් දක්වා ඉතා තද වැසි සමඟින් පවතිනු ඇතැයි කාලගුණ අනාවැකි පළ කර තිබේ.
මේ වනවිට හලාවත ප්රදේශයේ මාර්ග රැසක් යට වී ඇති අතර, කොළඹ අවිස්සාවේල්ල මාර්ගය ද රන්වල ප්රදේශයෙන් ජල ගැල්මට යට වී ඇති බව වාර්තා වේ.
ඊයේ රාත්රියේ කටුනායකට පැමිණි ගුවන් යානා 9ක් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා ඇත.










