ඉහළයන කෘෂිකාර්මික අපනයන ආදායමටත් මරු පහරක්

ඉහළයන කෘෂිකාර්මික අපනයන ආදායමටත් මරු පහරක්

කෝවිඩ් – 19 වසංගත තත්වය හමුවේ ලෝක වෙළඳපොළ දැඩි අර්බුදකාරි තත්වයන්ට මුහුණ දෙමින් තිබියදී පවා මෙම වසරේ ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය 2020 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කෘෂිකාරිමික අපනයන ආදායම ඩොලර් මිලියන 626.8ක් වී තිබී මෙම වසරේ එම කාලය තුළ එය ඩොලර් මිලියන 829.4ක් දක්වා ඩොලර් මිලියන 200ට වඩා ඉහළ ගොස් තිබේ.

එහෙත් රසායනික පොහොර අත්තනෝමතික ලෙස තහනම් කිරීමත් සමග අපනයන කෘෂිකාර්මික බෝගවල අස්වැන්න විශාල වශයෙන් කඩාවැටීමට හේතුවී තිබේ. මේ නිසා එම නිෂ්පාදනවල සැලකිය යුතු බිඳවැටීමක් සිදුවී එම අපනයන ආදායමද විශාල වශයෙන් බිඳවැටීමේ අනතුරට මුහුණපා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්