ඉරානයට වසර දහයකට පසු යුරෝපීය නායකයකු පැමිණෙයි

ඔස්ට්‍රියානු ජනාධිපති හෙයින්ස් ෆිෂරි මහතා ඉදිරි දිනයකදී  සිදුකරනු ලබන ඉරාන සංචාරය 2004 වර්ෂයෙන් පසුව ඉරානයට පැමිණෙන පළමු යුරෝපීය රාජ්‍ය නායකයා බවට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එළැබෙන සතියේ සඳුදා දිනයේ දී ඔහු ඉරානය බලා යෑමට නියමිත ඇත.

ඉරාන න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් ලෝක බලවතුන් එක්ව කරනු ලැබූ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ගිවිසුමකට එළඹීමට නියමිත අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් ඉරානය වෙත පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට නියමිතය.

ඔස්ට්‍රියානු ජනාධිපතිවරයාගේ සංචාරය තුළදී ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමෙයිනි, ජනාධිපති හසන් රෙහානි හා විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් මුණගැනීමටත් දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමටත් නියමිතය.

දශකයට අධික කාලයක් ඉරානයට පනවා තිබූ දැඩි සම්බාධක ලිහිල් වීමත් සමග ඉරාන බොරතෙල් නිෂ්පාදනය මේ වනවිට ලෝක වෙළඳපොල වෙත නිකුත් වන අතර එය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ බැසීමට හේතු වී තිබේ. සම්බාධක ඉවත් වීමත් සමග මෙතෙක් ඉරානය වෙත නොපැමිණි විදේශීය ආයෝජන ක්‍රමයෙන් ගලා ඒමට පටන් ගනිමින් පවතින බවත් එය ඉරාන ආර්ථිකයට අලුත් මාවතක් විවර කරනු ඇති බවත් පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්