මැදපෙරදිග ඇතිව තිබෙන අවිනිශ්චිත යුද වාතාවරණය සමග ලෝකයේම ඉන්ධන මිල ගණන් ඉහළ යමින් තිබෙන අතර අද (30) මධ්යම රාත්රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද තීරණය කර ඇත.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 495කි.
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 478කි.
ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 285කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407කි.










