මේ වනවිට ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ ගොස් ඇති බැවින් ඊට සමගාමීව මෙරට ඉන්ධන මිළ පහත හෙලා එහි වාසිය සමස්ත ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට දන්වා යැවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී කණ්ඩායම විසින් කොළඹ මහ නගර සභාවට අද (29) ඉදිරි පත් කළ යෝජනාවට පොහොට්ටු පක්ෂයේ, ශ්රීලනිප, ස්වාධීන සහ එජාප මන්ත්රීවරුන් සිය එකඟතාවය පල කරමින් සහාය ලබාදී ඇත.
ඒ අනුව එම යෝජනාව පොහොට්ටු පක්ෂයේ, ශ්රීලනිප සහ එජාප මන්ත්රීවරු විසින් ඒකමතිකව සම්මත කර තිබේ.
කොළඹ මහ නගර සභාව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරු 06 දෙනෙකු නියෝජනය කරති.











