ඉන්ධන පෝලීමක සිටි තවත් අයෙක් ජීවිතක්ෂයට පත්වෙයි

ඉන්ධන පෝලීමක සිටි තවත් අයෙක් ජීවිතක්ෂයට පත්වෙයි

දංකොටුව මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දින දෙකක් තිස්සේ රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් තිබේ.

මෙම පුද්ගලයා ඊයේ (09) රාත්‍රී 7.00ට පමණ ඩීසල් ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටියදී මෙලෙස ඇදවැටී ඇතැයි පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක පන්නල, ගෝනවිල ප්‍රදේශයේ පදිංචි එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි.

මේ වනවිට මෘත ශරීරය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) පැවැත්වීමට නියමිතය.

මීට පෙර ඉන්ධ පෝලිම්වලදී මරණ 04ක් සිදු වූ අතර ඉන් මරණ තුනක් ම සිදුවූයේ පෝලිම්වල රැඳී සිටි ජනතාව විවිධ රෝග ඇතුළු හේතු මත ඇද වැටීමෙනි. අනෙක් මරණය සිදු වූයේ ඉන්ධන පෝලිමේදී හටගත් ගැටුමක් හේතුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්