දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් අද (28) ජනාධිපති ගෝටාබය රාජපක්ෂ හමුවීමට නියමිතය.
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා පිළිගනු ලැබූවේ මෙරට බලශක්ති ඇමති ගාමිණී ලොකු ඇතුළු පිරිසක් විසිනි.










