ඉන්දීය පොලිසිය හා මාවෝවාදීන් අතර ඊයේ (09) ජර්කාන්ද් ප්රාන්තයේ පලාමෝ දිස්ත්රික්කයේ වනාන්තර ප්රදේශයක ඇති වූ ගැටුමකින් මාවෝවාදීන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. පසුගියදා මාවෝවාදීන් ඉන්දීය සෙබළුන් ගමන්ගත් බස් රථයකට එල්ල කළ මෝටාර් ප්රහාරයකින් සෙබලුන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබිණි.
ඉන්දියාවේ පවතින ආර්ථික හා දේශපාලන අසමානතාවයත් සමග බොහෝ ප්රාන්තයන්හි ගැටුම් හටගෙන තිබේ. ගැටුම් හටගෙන ඇති බොහෝ පළාත් මේ වනවිට මාවෝවාදීන්ගේ පාලනයට නතු වී පවතින බව වාර්තා වේ. සමාජ ආර්ථික ප්රශ්න මෙන්ම ආගමික ගැටුම්ද බහුලව ඇති රටක් බවට ඉන්දියාව පත් ව තිබේ.
ලෝව දිළිඳුම ජනගහනය වැඩියෙන්ම වෙසෙන රට බවට ඉන්දියාව පත්වී ඇති අතර ඉන්දීය ජාතික ආදායමේ අති විශාල පංගුවක් බහුජාතික සමාගම් හා අතලොස්සක් දෙනා අත පමණක් ඒකාරාශී වෙමින් පවතී. ඒ හේතුවෙන් මේ වනවිට ඇති නැති පරතරයද විශාල ලෙස වර්ධනය වී තිබේ.









