ඉන්දීය ගොවීන් විරෝධතාවක

ඉන්දීය ගොවීන් විරෝධතාවක

ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ සභාපති ධූරයට පත් වූ රාහුල් ගාන්ධි අද (03) පැවැත්වෙන දැවැන්ත ගොවි රැලියක් ඇමතීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රාහුල් ගාන්ධි සිය ට්විටර් වෙබ් පිටුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් වත්මන් මෝදි රජය ගොවි ගැටළු විසඳීමට අපොහොසත් බවට චෝදනා කරයි. දිනකට ඉන්දියාවේ ගොවීන් 35 දෙනෙකු සිය දිවි නසා ගන්නා බවත් සියයට 62ක් වූ ඉන්දීය ගොවි ජනතාව මෝදි රජය විසින් නොසලකා හැරීමට ලක් කර ඇති බවත් රාහුල් ගාන්ධි සිය ප්‍රකාශයේ දක්වා ඇත.

ගොවි රැලිය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ද්සාවුර් හිදී පැවැත්වීමට නියමිත අතර පසුගිය වසරේ ගොවි විරෝධතාවකදී ගොවීන් හය දෙනෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූයේ ද මෙහිදී ය.

කොංග්‍රස් පක්ෂයේ සහය ඇතිව ඉන්දීය ගොවීන් ජූනි 1 වැනිදා සිට 10 වැනිදා දක්වා විරෝධතාවක නිරත වීමට ද නියමිත ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්