ඇවන්ගාඩ් ලොක්කා නිසා කමල් ගුණරත්නට උත්තර දෙන්න වෙයි

ඇවන්ගාඩ් ලොක්කා නිසා කමල් ගුණරත්නට උත්තර දෙන්න වෙයි

ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවය තුළ බස් රථයක් ගිනි තබා ප්‍රකෝප කිරීමෙන් පසුව ඇතිවූ තත්වය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයේ පැවැත්වූ සාකච්ඡාවට ඇවන්ට්ගාඩ් සමාගමේ අයිතිකරු ගෙන්වා නොගත් බව නිල වශයෙන් දැන්වීමට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

අප්‍රේල් 11 වෙනි දින ‌එම නිවේදනය නිකුත් කර ඇති අතර “ජාතික ආරක්ෂක කවුසිලයේ රැස්වීම්වලදී නිල නොවන පුද්ගලයන් තනතුරු දැරූ අවස්ථා නොමැති බව” නිවේදනයෙන් අවධාරණය කර තිබේ. වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ජාතික ආරක්ෂක කවුසිලය ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වන බවය. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සාකච්ඡා කිරිමට ඇත්නම් එම කවුසිලය රැස්වීමට පෙර අදාළ ආයතන ප්‍රධානීන් කැඳවා තොරතුරු ලබා ගන්නා බව ප්‍රකාශ කර ඇත.

ජාතික ආරක්ෂක කවුසිලයට සම්බන්ධ වන නිලධාරීන් සම්බන්ධයෙන් එම නිවේදනයේ දක්වා තිබේ. ජාතික ආරක්ෂක ඇමතිවරයා සහ සභාපතිවරයා ලෙස ජනාධිපති සහභාගිවන අතර අගමැතිවරයා, විදේශ ඇමති, මහජන ආරක්ෂක ඇමති, ආරක්ෂක රාජ්‍ය ඇමති, ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විදේශ අමාත්‍යංශයේ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, භාණ්ඩාරයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, සහ පොලිස්පතිවරයා ව්‍යවස්ථාපිත සාමාජිකයින් ලෙස එයට සහභාගී වන බව දක්වා ඇත. ඊට අමතරව ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල්, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ජනරාල් අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී යන පිරිස ඊට සහභාගි වන බවට සවිස්තරව දක්වා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්