නීතිවිරෝධී අවි ප්රවාහනයට සම්බන්ධ ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමට අයත් නැවේ යුක්රේන ජාතික කපිතාන්වරයා අද (01) ශ්රේෂ්ඨාධිකරණයේදී රෝගාතුරවීම හේතුවෙන් රෝහල් ගත කිරීමට ශ්රේෂ්ඨාධිකරණ ආරක්ෂක අංශ නිලධාරිවරු පියවර ගෙන ඇත.
ශ්රී ලංකා නාවික හමුදාව සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් ඔහු පෙත්සමක් ගොනු කර ඇති අතර අද (01) දින එම පෙත්සම විභාගයට ගැනීමට නියමිතව තිබිණි.
ඒ අනුව එම නඩුව ලබන මාර්තු 12 වැනි දාට කල් තබමින් අවසන් කිරීමෙන් පසුව පෙත්සම්කාර යුක්රේන ජාතික කපිතාන්වරයා පිටතට පැමිණෙද්දීම මෙලෙස රෝගාතුර වී ඇත.










