පසුගියදා සිදුවූ ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය හා පොලිස් මාධ්ය ප්රකාශකවරයා සිදුකළ ප්රකාශය අසත්ය එකක් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්ය ප්රකාශකවරයා මාධ්ය හමුවකදී ප්රකාශකර සිටියේ උත්සවය පැවැති නිවසේ අධික ඝෝෂාවක් පවතින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ප්රදේශවාසීන්ගෙන් දුරකත ඇමතුම් කිහිපයක් ලැබී ඇති බවත් ඉන් පසු පොලිස් නිලධාරීන් එම නිවස වෙත ගොස් ඇති බවත්ය. එහෙත් මේ වනවිට පොලිසිය සිදු කරනු ලැබූ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම නිවසට ඇඹිලිපිටිය පොලිස් නිලධාරීන් ඇතුළු වන අවස්ථාව වනවිට පොලිසියට කිසිදු දුරකතන ඇමතුමක් හෝ පැමිණිල්ලක් ලැබී නොමැති බවය.
එසේම ඇඹිලිපිටිය පොලිසිය වෙත දුරකතන ඇමතුම ලබා දී ඇති බවට සඳහන් වන්නේ එම ස්ථානයට ගොස් මත්පැන් බෝතල් දෙකක් ඉල්ලූ පොලිස් නිලධාරියකුගේ දුරකතනයකින් බවත් මේ පිළිබඳව විමර්ශනය කරන පොලිස් තොරතුරු සඳහන් කරයි.
ඊයේ (14) දිනයේදී මේ පිළිබඳ නඩු විභාගය ඇඹිලිපිටිය අධිකරණයේ පැවැති අතර එහිදී ඇඹිලිපිටිය පොලිසිය වෙනුවෙන් පොලිස් මාධ්ය ප්රකාශකවරයා මෙම නඩුවට පෙනී සිටීම සම්බන්ධයෙන් නීතිඥවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.









