ඇමෙරිකාව ගැන ඉරානයෙන් අනාවැකියක්!

ඇමෙරිකානු ජානාධිපතිවරණයෙන් ඇමෙරිකානුවන්ට තෝරාගත හැක්කේ නරක හෝ ඉතා නරක යන දෙකෙන් එකක් පමණක් බව ඉරාන ජනාධිපති හසන් රෙහානි පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් එසේ පවසා ඇති ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ වසර 200ක ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කට මෑත දොඩවන ඇමෙරිකාව තම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කර්කශ වාග් සංග්‍රමයන් හරහා පෙන්නුම්කරමින් ඇත්තේ සාධාරණ හා යුක්තිය බිඳගත් රාජ්‍යයක් බවට පත්වී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීම් තුළදී එරට රාජ්‍ය නායකයා තමන් ප්‍රිය කරන්නේ කවුරුදැයි විමසූ විට මම වඩාත් කැමති විය යුත්තේ නරක හෝ අතිශය  නරකට දැයි ප්‍රශ්න කරන්නට තමන්ට සිදු වූ බව ඉරාන ජනාධිපතිවරයා එරට ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබේ.Image result for iran president

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්