කොරියානු අර්ධද්වීපය තුළ සාම ක්රියාවලියක් ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කළ යුතු බවට උතුරු කොරියාව විසින් කළ යෝජනාව ඇමෙරිකාව ප්රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර තිබේ.
ඇමෙරිකාව සඳහන් කරන්නේ උතුරු කොරියාව සිදු කරන න්යෂ්ටික ක්රියාකාරකම් හා අත්හදා බැලීම් සීමා කිරීමට කළ යෝජනාව උතුරු කොරියාව එකඟ නොවීම ඊට බලපා ඇති බවයි.
පසුගියදා උතුරු කොරියාව විසින් චන්ද්රිකාවක් අභ්යාවකාශ ගත කිරීමත් සමග මේ වන විට උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි අවධානයකින් පසුවේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාව වෙත පනවා තිබෙන සම්බාධක දැඩි කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.









