ඇමෙරිකානු පොලිසියට එරෙහිව කළු ජාතිකයින් ප්‍රහාර එල්ල කරයි

ඇමෙරිකාවේ ඩලස් නගරයේදී පොලිසිය විසින් කළු ජාතික තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් පැවැති විරෝධතා උද්ඝෝෂණයකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඇමෙරිකානු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඩලස්හි පොලිස් ප්‍රධානියා පවසන පරිදි පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ස්නයිපර් තුවක්කුකරුවන් විසින් බව පැවසෙන අතර ඩලස් නුවර එල් සෙන්ට්‍රෝ විද්‍යාලීය රථ ගාල තුළදී එක් තුවක්කුකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

අත්අඩංගුවට ගෙන ඇති තුවක්කුකරු ප්‍රකාශ කර ඇත්තේ කළු ජාතිකයින්ට එරෙහිව එල්ල කරන පොලිස් ප්‍රහාරයන්ට එරෙහිව තම ප්‍රහාරයන් උත්සන්න කිරීමට කටයුතු කර ඇති බවත් නගරයේ ස්ථාන ගණනාවක ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බ ස්ථානගත කර තිබෙන බවයි.

මේ වනවිට ඩලස් නුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක ඇමෙරිකානු පොලිසියට එරෙහිව විරෝධතා ආරම්භ කෙරී ඇති අතර  විරෝධතාකරුවන් පවසන්නේ කළු ජාතිකයින්ට ඇමෙරිකානු පොලිස් නිලධාරීන් සිදුකරනු අමානුෂික ප්‍රහාරයන් නතර විය යුතු බවයි. ඇමෙරිකානු පොලිසිය පවසන්නේ ප්‍රහාරයන්ට සම්බන්ධ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්