ඇමරිකාවේ බලධූරාවලියේ තෙවෙනි ප්රබලයා ලෙස සැලකෙන ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් ඊයේ (22) මෙරටට පැමිණ ඇත්තේ MCC ව්යාපෘතිය ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ලවා ක්රියාත්මක කරවා ගැනීමට විය හැකි බවට අනාවැකි පල වේ.
මෙරටට පැමිණ සිටින වික්ටෝරියා ජේන් නූලන්ඩ් ඇතුළු එරට රාජ්ය තාන්ත්රිකයින් මූලික වශයෙන්ම ජනාධිපතිවරයාට MCC ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට බලපෑම් කරනු ඇති බව කොළඹ විශ්වවිද්යාලයයේ ජාත්යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සංදේශය වෙබ් අඩවියට ප්රකාශ කර තිබේ.
එම වෙබ් අඩවිය මේ පිළිබඳව කර තිබුණු වාර්තාව පහත උපුටා දැක්වේ.
“MCC යළි එයි ද?
කොළඹ විශ්වවිද්යාලයයේ ජාත්යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත් කන්දඋඩහේවා පවසා සිටියේ MCC ගිවිසුම පිළිබඳව ධනවාදී ප්රවේශයකට යෑමට එක්සත් ජනපදයට අවශ්යව ඇති බව යි.
“දැන් යුගදනවි ගිවිසුමත් එක්ක අමෙරිකාවට පක්ෂපාතී විදේශ තීරණ කිහියක් පසුගිය කාලේ සිද්ධ වුණා. මේකත් එක්ක දැන් වෙනකොට අමෙරිකාවට හැකියාව ලැබිලා තියෙනවා ලංකාවේ ආර්ථික හා අනෙකුත් අවශ්යතාවයන් යොදා ගනිමින් තමන්ට අවශ්ය දේ කරගැනීමට. මේක කලින් තිබුණෙ නැහැ. මේක අලුත් ප්රවණතාවක්,” ඔහු පෙන්වා දුන්නේ ය.
“දැන් ඉදිරි සංචාරවල දී අමෙරිකාව උත්සහ කරයි MCC එක, ඒ වගේම කොළඹ ආශ්රිතව ලංකාවේ වාණිජ නගරය ආශ්රිත ව්යාපෘතිවලට,” ඔහු කියා සිටියේ ය.
“අමෙරිකාව 1987 ඉඳන් වාණිජ නගර ආශ්රිත ව්යාපෘති කෙරෙහි තමා බැලුවේ, ත්රිකුණාමලය වරාය හැරෙන්නට. නමුත් මේ සංචාරයේ දී ත්රිකුණාමල වරාය සම්බන්ධයෙනුත් සාකච්ඡා කෙරේවි,” ආචාර්යවරයා ප්රකාශ කළේ ය.
“මොකද ත්රිකුණාමල වරාය සම්බන්ධයෙන් යෝජනාවක් තියෙනවා ජපානය සහ ඉන්දියාව සහයෝගයෙන් සංවර්ධනය කරන්න. ඔය ගැනත් සාකච්ඡාවක් වෙයි.”










