ඇමතිගේ මන්ත්‍රී පුතාට ඇප

2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ 14 වැනි දින රාගම ත්‍රීරෝද රථ ගාලක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලේ සැක කරුවෙකු වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඊයේ (13) අධිකරණයේ පෙනී සිටි අතර එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඔහුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතමුදා හැරීමට නියෝග කළේ ය.

රාගම මහ රෝහල අසල ඇති ත්‍රීරෝද රථ ගාල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන හා චතුර සේනාරත්නගේ ආධරකරුවන් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් බැලීමට ගොස් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා රාගම පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති බව පැවසේ.

චතුර සේනාරත්න මහතා අවස්ථා කිහිපයකදීම මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිට අධිකරණය මගරිමින් සිටියේ ය.

ආශ්‍රිත පුවත්

චතුර සේනාරත්න අධිකරණය මගහරී!

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්