
අමාත්ය දිනේෂ් ගුණවර්ධන ගමන් ගත් රථය වරකාපොල ප්රදේශයේදී යතුරුපැදිකරුවෙකුගේ ගැටී ඇත. ඊයේ (26) උදේ 8.30ට පමණ සිදුවී ඇති මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදි කරු රෝහල් ගත කර ඇත.
අමාත්යවරයා කොළඹ සිට නුවර දක්වා ගමන්කරමින් සිට ඇත. වරකපොල ප්රදේශයේදී අමාත්යවරයා ගමන් ගත් රථයට ඉදිරියෙන් ගිය මගී බස් රථය මගීන් ගැනීම සදහා නතර කර ඇත. ඒ අවස්ථාවේ ඇමතිවරයාගේ රථය පැමිණි වේගයෙන්ම ඉදිරියට ධාවනය කර ඇත. මේ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි යතුරුපැදි කරු අමාත්යවරයා ගමන්ගත් රථයේ ගැටී ඇත. යතුරුපැදියට බරපතල අලාභහානි සිදුවී තිබේ.
මේ සම්බන්දයෙන් කිසිදු පොලිස් විමර්ශණ කටයුත්තක් සිදු නොවන බව යතුරුපැදි කරුගේ ඥාතීන් පවසති. ඇමතිවරයා ගමන් ගත් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇමතිවරයාගේ බලපෑම මත සිද්ධිය සම්බන්ධ සටහන් පොලිස් පොත්වලින් ඉවත්කරගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සදහන්කරයි.









