ඇප ලැබුණු සිරිධම්ම හිමි යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරයි

ඇප ලැබුණු සිරිධම්ම හිමි යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරයි

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (23) ඇප නියම වූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව දෙසැම්බර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන්ව එලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්