ඇඳිරි නීතිය කාල සීමාවේ මහජනතාව රැඳී නොසිටිය යුතු ස්ථාන නම් කරමින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඇඳිරිනීතිය පනවා ඇති අද (02) පස්වරු 06ට ආරම්භ වී ලබන 04 වනදා පෙරවරු 06 දක්වා කාලසීමාව තුළ පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්යානයක, පොදු ක්රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ මුහුදු වෙරලේ රැඳී සිටීම මෙම ගැසට් නිවේදනයෙන් තහනම් කර ඇත.










