ශ්රී ලංකා රේගුව මගින් 2012 වසරේ මාර්තු 12 වැනිදින අත්අඩංගුවට ගනු ලැබූ ඇත්දළ 359ක් අද (26) ට යෙදී තිබෙන ජාත්යන්තර රේගු දිනයට සමගාමීව කොළඹ ගෝල්ෆේස් ක්රීඩංගනයේදී විනාශ කරනු ලැබීය.
මෙම ඇත්දළ තොගය කෙන්යාවේ සිට ශ්රී ලංකාව හරහා ඩුබායි දක්වා ගෙන යෑමේදී ශ්රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර වඳ වී යාමේ තර්ජනයට ලක්වු සත්ව සහ ශාක අන්තර්ජාතික වශයෙන් වෙළඳාම් කිරීම පිළිබඳ සම්මුතිය හෙවත් සයිටීස් සංවිධානයේ මහ ලේකම් ජෝන් ස්කැන්ලන් ද මෙම ඇත්දළ තොගය විනාශ කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටීම විශේෂත්වයක්.
මෙම අවස්ථාවට ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු රාජයේ නියෝජිතයින් මෙන්ම පරිසර සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියේය. මෙම ඇත්දළ තොගයේ වටිනාකම රුපියල් කෝටි හතලිහකට ආසන්න බව පැවසෙන අතර ටොන් 1.5කට ආසන්න බරකින් යුක්ත බව පැවසේ.












