ඇත්ත කතා කරන අයගේ කටවහනඑක වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ රටට සත්ය තොරතුරු ලබාදිම යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ හම්බන්තොට දිස්ත්රික් හිටපු සෞඛ්ය සේවා අධ්යක්ෂ සහ වර්තමාන සෞඛ්ය අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ චමල් සංජීව කොවිඩ් තත්වය සම්බන්ධයෙන් මාධ්යට ප්රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීමට වන සූදානම සම්බන්ධයෙන්, අද (21) පැවති මාධ්ය හමුවකදී සිදු කළ ප්රශ්න කිරීමකදීය.
මේ තියෙන්නේ නීතිය සම්බන්ධ ප්රශ්නයක් නොවන බවත් මේ තිබෙන්නේ ව්යසනයකින් රට බේරාගැනීමට මුහුණදීමේ අවස්ථාවක් බවත් වැඩ කරන විට චක්රලේක නොතකා වැඩ කරන්නැයි කියූ ජනාධිපතිගේ යටතේම අද ඇත්ත කතාකරන රාජ්ය සේවකයන්ගේ කට වැසීමට මෙලෙස කටයුතු කරමින් සිටින බවද මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.










