“ඇඬුනා යකෝ සිරාවට”

“ඇඬුනා යකෝ සිරාවට”

නාය යාමෙන් දැඩි ලෙස පීඩාවට පත් මලයගම් ජනතාවගේ හෘදය සාක්ෂිය හෙළි කරන කෙටි සටහනක් සහන සේවා සැපයීමට දකුණෙන් ගිය රුවන් රත්නානක වෙත එවා තිබී ඇති අතර, එය ඔහු විසින් ෆේස්බුක් සටහනක් ලෙස මුදා හැර ඇත.

මානවවාදී හදවත් සංවේදී කරමින් වේගයෙන් සංසරණය වෙන එම ෆේස්බුක් සටහන උපුටා ගෙන පහත දැක්වේ.

මම වත්තෙ හැදිච්ච කොල්ලෙක් . මම වාහන පෝලිම දැක්කා .

මටම හිතාගන්න බෑ උබලා හෙලිකොප්ටර් විතරයි ගේනාවෙ නැත්තෙ. ඒකත් තිබ්බ නම් උබලා ගේනවා.

ඇයි බන් උබලා මෙහෙම ? එක්කො වද කොත්තු කියලා ගහලා පන්නනවා . එක්කො දෙමලු කියලා බනිනවා. දැන් බඩු මුට්ටු ඔක්කොම අරගෙන අපිව බලන්නත් එනවා.

මචන් මෙහෙම කියනවා කියලා තරහා ගන්න එපා ,

මමත් පට්ට ජාති වාදියෙක් බන්. උබලා කතරගම දෙයියෝ උබලගෙ දෙයියො කියනකොට තරහා යනවා. රාවණා උබලගෙ කියනකොට තරහා ගියා.

ඇත්තට අපිට පිස්සු බන් .අපි ගහගත්තට හැම වෙලාවෙම ඕක පිටිපස්සෙ හිටියේ දේශපාලනය බන්. සිරාවටම දැන් තමයි මිනිස්සුන්ගේ ඇත්ත පැත්ත තේරෙන්නෙ.

අපි හෙන පව් ඕයි ඕයි. ඇයි බන් පාඩුවේ අඩියක් ගහගෙන ටී වී එකෙන් නිව්ස් එක බලාගෙන අයියෝ පව් මිනිස්සු කියාගෙන උබලට පාඩුවේ ඉන්න තිබ්බනෙ බන්.

ඇඩුනා බන් උබලව දැකලා. අඩො සුදු ශර්ට් එකක් ඇදලා කරාබු දාලා shoes දාලා පොශ් එකට ආපු කොල්ලෙක් එක පාරට මඩ ගොඩෙ බැහැලා දවස් තුනක් මඩේ හිටිය බබාව උස්සලා උබේ ශර්ට් එකෙන් පිහිදානකොට කාගෙ අතටවත් යන්නෙ නැති මගේ පණ උබගේ මූණ බලලා හිනා උනා .

දවස් 3කට පස්සෙ දෙවියෝ ආවා. කියලා තේරුම් ගත්තා. මොන ආගමක් ද මොන දෙයියොද උබලට දෙයියන්ට වගේ කිරි දාලා වදින්න ඕන බන්.

අපි ගොඩක් කොන් වෙලා බන් හිටියේ එකෙක් ආවේ නෑ බන්. ඡන්දෙට ගෙවල් ගානෙ එන උන්වත් නෑ.

උබ වචනයක් කිව්වා.අඩෝ එච්චර හිතන්න එපා බන් සුනාමියෙන් අපි බිංදුවේ ඉදන් ගොඩ නැගුනා වගේ ගොඩයමු බන් කියලා.අපිට දැන් ඕනෙ උනේ මේ වචන ටිකයි බන්.

අඩෝ මේක අපේ රට බන්. ලොකෙ කොහෙවත් නෑ යකෝ මේ වගේ මිනිස්සු .. ඒ පැත්තෙන් බන්ධනාගාරෙ මිනිස්සු කෑම එපා කියලා බඩු ටික අපිට එවනවා..

ඇඩුනා යකෝ සිරාවට..මොකටද ඉතින් අඩන්නෙ උබලා වගේ සහෝදරයෝ ඉන්නකොට

ස්තූතියි මචන් රුවන් රත්නායක .. ❤️

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්