ආරක්ෂක අමාත්යංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය විසින් දිවයිනේ සියළු දිස්ත්රික් ලේකම්වරු සහ සියළු ප්රාදේශීය ලේකම්වරු දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එයින් අවධාරණය කර තිබෙන්නේ ජල ගැලීම්වලින් සහ නායයාම් නිසා ආපදාවට පත් වූ නිවාස යථාවත් කර ගැනීමට කඩිනමින් අත්තිකාරම් මුදල් ලබා දීම සම්බන්ධයෙනි. ඒ සඳහා රුපියල් 10,000ක මුදලක් ඉඩමේ අයිතිය නොසලකා වතු නිවාස ද ආවරණය වන පරිදි ලබා දෙන ලෙස දන්වා තිබේ.











