ආතාවුදගේ කෙරුවාව ගැන අවසන් නිවේදන යවයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ ආතාවුද සෙනෙවිරත්න දේශපාලන බලහත්කාරය යොදා ගනිමින් වසර 17ක් තිස්සේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින රජයේ නිවාසය භාරදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රීක් ලේකම්වරයා ලිඛිතව හා දුරකථනයෙන් ඔහුට අවසන් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ආතාවුද සෙනෙවිරත්න හිටපු ඇමතිවරයා වසර 17 කට ආසන්න කාලයක් මෙම නිල නිවාසය භාවිතා කර තිබේ. එය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල නිවාසයක් වන අතර අවස්ථා ගණනාවකදී හිටපු ඇමතිවරයාට එම නිවාසය භාර දෙන ලෙසට දැනුම් දුන් නමුත් එය පැහැර හැරීමින් කටයුතු කර තිබේ.

සබරගමුව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහු කෑගල්ල දිස්ත්‍රීක් ලේකම්කාර්යාලයට අයත් මෙම නිල නිවාසය අත්පත් කර ගෙන තිබෙන අතර ඉන්පසු පාර්ලිමේන්තු‍වට තේරීපත් වී ඇමතිවරයකුට ලැබෙන වරප්‍රසාද භුක්ති විදිමින්  මෙම නිල නිවාසයද බලහත්කාරයෙන් භාවිතා කර තිබේ.

මේ මස අවසන් වීමට පෙර නිල නිවාසය භාර දීමට හිටපු ඇමතිවරයා කටයුතු නොකරන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දිස්ත්‍රීක් ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්