වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බදු කපාහැරීම නිසා රජයේ ආදායම රුපියල් කෝටි 60,000කින් පමණ පහත වැටී ඇති බව අනාවරණය වේ.
මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපතිවරයෙක් වන ආචාර්ය ඩබ්.ඒ විජේවර්ධන මෙම තොරතුරු අනිද්දා පුවත්පතට හෙළිකර තිබේ. ජනාධිපතිවරයා බලයට පත් වූ වහාම සෘජු බදු ගෙවන්නන් සහ වක්ර බදු ගෙවන ව්යාපාරවල බදු විශාල වශයෙන් කපාහරින ලදී. මහා මැතිවරණයට පෙර මෙය ක්රියාත්මක කළ අතර මහ මැතිවරණයේ ජයග්රහණ තහවුරු කරගැනීම සඳහා මෙම පිරිසක වෙත අදාල බදු කපා හැරීමේ ප්රදානය ලබා දී තිබිණ.
“රජයේ ආදායම් පහළ බැහැලා. මේ තත්වයට රට වට්ටන්නට බලපෑවේ මූලික වශයෙන් වර්තමාන රජය මේ රටේ බදු ගෙවූ පිරිසට ආකාර්ශනීය සහන ලබාදෙන්න බදු අඩු කිරීම හා ඉවත් කිරිම නිසා. මේ නිසා රජයට දල වශයෙන් රුපියල් බිලියන 600ක විතර ආදායමක් අහිමි වුනා.” යනුවෙන් හිටපු නියෝජ්ය අධිපතිවරයා හෙළි කර ඇත.
මේ වනවිටත් රජයේ ආදායම් කෝටි 60,000කින් පමණ අඩු කර ගැනීමට ක්රියාකර තිබියදී පාර්ලිමේන්තුවට කළු සල්ලි සුදු කිරීමේ පනත් කෙටුම්පතක් ඉදිරිපත්කර තිබේ. මෙම කෙටුම්පත අනුව රජයට බදු නොගෙවා සඟවාගෙන සිටින ආදායම් වෙනුවෙන් 1%ක් පමණක් වූ බද්දක් ගෙවා නිදිහස් වීමේ හැකියාව කළුසල්ලි ජාවාරම් කරුවන්ට ලබාදීමට යෝජිතය. ඔවුන් අදාල නිසි බදු මුදල් ගෙවන්නේනම් 14% සිට 28% දක්වා පරාසයක බදු ප්රමාළණයක් ගෙවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.










