ආණ්ඩුව මරණවලිනුත් කොළේ වහයි…

ආණ්ඩුව මරණවලිනුත් කොළේ වහයි…

කොවිඩ් – 19 වසංගතය මේ වනවිට ඉතා සීග්‍රයෙන් රට තුළ ව්‍යාප්තවෙමින් පවතින අතර ඉන් සිදුවන මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් තිබේ.

මෙවැනි තත්වයක් තුළ පසුගිය දිනවල එලෙස මරණයට පත්වන පුද්ගලයින් පිළිබඳව විස්තරාත්මක නිවේදනයක් නිකුත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කළ නමුත් අද (21) නිකුත් කර ඇති වාර්තාවේ එම විස්තර අඩංගු නොකොට මිය ගිය පුද්ගලයාගේ ප්‍රදේශය සහ වයස් කාණ්ඩය පමණක් ඇතුළත් කර ඇත.

පෙරේදා (19) දිනය දක්වා නිකුත් කළ වාර්තාවල, මියගිය පුද්ගලයා මිය යනු ලැබුවේ රෝහලේදීද, නිවසේදීද, රෝහලට ඇතුළත් කිරීමේදීද, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක සිට කොවිඩ් රෝහලක් වෙත යොමු කිරීමේදීද ආදී විස්තර රැසකුත් මිය ගිය පුද්ගලයාගේ වයසත් ඔහු කොවිඩ් ආසාදනය වීමට පෙර වෙනත් රෝගවලින් පෙලී සිටියේද යන්නත් සඳහන්ව තිබිණි.

එහෙත් ජනතාව දැනගතයුතු එම තොරතුරු සියල්ම වසං කරමින් කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමට මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. කොවිඩ් – 19 සම්බන්ධයෙන් මෙරට දත්ත වසං කරමින් සිටින බවට ආණ්ඩුවට දැඩිව චෝදනා එල්ලවෙමින් තිබෙන පසුබිමක මෙලෙස වාර්තා නිකුත්කිරීමද සැකයට තුඩු දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්