ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා තමයි… ලාල්කාන්ත – වීඩියෝ සහිතයි

ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා තමයි… ලාල්කාන්ත – වීඩියෝ සහිතයි

“ජනතාව කියනවා පොලිසිය බල්ලට ගිහිල්ලා කියලා. ඔව් ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලිසිය බල්ලාට යනවා තමයි” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත පවසයි.

නිදහස් අධ්‍යාපනය මිලිටරීකරණය කරමින් ගෙන එනු ලබන කොතලාවල පනතට එරෙහි වන්නන් කොවිඩ් මර්දන නීතියට මුවා වී අනීතිකව සිරකර තැබීමට එරෙහිව ඉදිරියේදී ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වීම සම්බන්ධයෙන් ඊයේ (11) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළකරනු ලැබීය. එම මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගුරු වෘත්තීය සමිති ඇතුළුව වෘත්තීය සමිති නායකයින් මෙන්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයින්, රාජ්‍ය අංශයේ ආයතනවල වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය සංගම් නායකයින් රැසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා…

අපි අහන්න කැමතියි නිරෝධායන කඳවුරකට කෙනෙක් දානවා නම් පීසීආර් පරීක්ෂණයක් කරන්න ඕන නැද්ද කියලා. මේ නිරෝධායන කඳවුරුවලට දාපු කාටවත් ඒ පරීක්ෂණ කරලද දැම්මේ. එහෙම නෑ. මේක නිරෝධායන කඳවුරකට ගාල් කිරීමක් නෙවෙයි රැඳවුම් කඳවුරකට දැමීමක්. ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන් එහෙම නැතිනම් යුක්තිය සාධාරණයට ඉල්ලා සටන් වදින මිනිස්සු රඳවා තබා ගැනීමක්. වහාම මේ පිරිස් නිදහස් කරන්න ආණ්ඩුව පියවර ගන්න ඕන. මේක ආණ්ඩුවක් නෙවෙයි මේ රාජපක්ෂ කල්ලියේ මර්දනයට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාර සහ අනෙකුත් සංවිධානත් එකතුව දැවැන්ත වැඩවර්ජනයකට යන බව ආණ්ඩුවට අපි කියනවා..” යනුවෙන් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්