ආණ්ඩුව අනුරගේ මහබැංකු විවාදයත් මංකොල්ල කයි…

ආණ්ඩුව අනුරගේ මහබැංකු විවාදයත් මංකොල්ල කයි…

පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ගනු ගැබූ තීරණයකට අනුව හෙට (09) ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් ඉදිරිපත්කිරීමට නියමිතව තිබූ මහ බැංකු වාර්තාව පිළිබඳ විවාදය අනුර දිසානායක මහතාට ඉදිරිපත්කිරීමට නොදී ආණ්ඩු පක්ෂ විසින්ම ඉතාමත් කූඨ ලෙස ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අනුර දිසානායක මහතා විසින් කතානායකගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ සංවිධායක ලක්ෂන් කිරිඇල්ල ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූ අතර එහිදී අවසන් වශයෙන් තීරණය වූයේ හිදිසි පක්ෂ නායක රැස්වීමක කැඳවා මේ සම්බන්ධවෙන් තීරණය කිරීමටය.

මෙහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කර සිටියේ මෙම විවාදය ඉල්ලා සිටියේ අනුර දිසානායක මහතා විසින් බවය.

ඒ අනුව පක්ෂනායකයින් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහි තීරණය ලැබීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්