ආණ්ඩුවේ ප්‍රබලයින්ටත් එන්නත් බෝනස්

ආණ්ඩුවේ ප්‍රබලයින්ටත් එන්නත් බෝනස්

ඉන්දියාවෙන් ගෙන්වන ලද කෝවිඩ් එන්නත ලබා දීමේ ප්‍රමුඛතාවල දේශපාලඥයින් නොමැති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ.

ඇමතිවරිය පවසන්නේ ප්‍රමුඛතා ලේඛණය අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සහ අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුලින්ම මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවය. එම නිසා අවුරුදු 60ට වැඩි දේශපාලඥයින්ද ඒ අතර සිටිය හැකි බව ඇමතිවරිය පිළිගෙන තිබේ.

මේ අනුව විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා, චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ, නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ ඇතුළු ඇමතිවරුන් විශාල පිරිසක් සිටිති. එසේම රාජ්‍ය ඇමතිවරුන් මන්ත්‍රීවරුන් රැසක් වෙනුවෙන් මුල් වටයේදී කෝවිඩ් එන්නත ලැබීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්