නිළියන් දේශපාලනට ගෙන එමින් ජනප්රිය රැල්ලේ ඡන්ද ඩැහැගැනීමට කටයුතු කළ සන්ධාන ආණ්ඩුව විසින් නිණියන් විදෙස් තානාපතිවරුන් ලෙස රට රටවලට විදෙස් සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබේ.
මේ වනවිට කලක් ජනප්රිය නිළියක්ව සිටි විදේශ තානාපති සේවයේ කටයුතු කර නොමැති, කිසිඳු අත්දැකීමක් නැති අනෝජා වීරසිංහ මහත්මිය ඉන්දුනීසියාවේ ශ්රී ලංකා තානාපතිනිය ලෙස පත්කර ඇත.
ඇය කළක් එක්සත් ජාතික පක්ෂයේ ක්රියාකාරිණියක්ව සිටිමින් රාජ්යනොවන සංවිධාන සහ මෙරට අමාත්යංශ සමග එක්ව නොයෙක් ව්යාපෘති මෙහෙයවූ අතර මෑතකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්විය.
පසුව ඇය රාජ්ය නොවන සංවිධානවලින් සහ ආණ්ඩුවේ අමාත්යංශවලින් මුදල් ලබාගනිමින් යෝගී ආශ්රම ඇතිකරන බව පුවත්පත්වලට පවසා තිබුණි.









