ආණ්ඩුවේ අවිදිමත් බඩු බෙදිල්ලෙන් ජනතාව අතර ගැටුම්…

ආණ්ඩුවේ අවිදිමත් බඩු බෙදිල්ලෙන් ජනතාව අතර ගැටුම්…

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මේ වනවිට මුළු රටටම බලපාන පරිදි සංචරණ සීමා පනවා ඇති අතර විශේෂයෙන් හුදකලා කර ඇති ගම්මානවලට බඩු මලු බෙදා දීමේ කටයුතු විදිමත්ව පිළිවෙලකට සිදු නොවීම නිසා ජනතාව අතර ගැටුම් නිර්මාණය වෙමින් තිබෙන බව වාර්තා වේ.

මාසයකට ආසන්න කාලයක් හුදකලා කර ඇති ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි පහළවත්ත ගම්මානයේ ජනතාවට බඩු බෙදාදීමේදී එලෙස ගැටුමක් නිර්මාණය වී ඇත.

ඔවුන් පවසන්නේ බඩු මලු ලබාදීමේදී එය සාධාරණව සහ විදිවමත්ව පිළිවෙලකට සිදු නොවන බවයි. මීට පෙර රුපියල් 5000 ලබා දුන් කාලයේද එම කටයුතු සිදුවූවේ ඉතාමත් අසාධාරන ලෙස බවයි. එක් වටක් බඩු මලු බෙදාදී ඇති අතර එහිදී බඩු මලු නොලැබුණ අයට දෙවන වටයේදී ලබා දෙන බව පවසා ඇත. එහෙත් දෙවන වටයේදී බඩු මලු ලබා දීමේදීද පළමු වටයේ බඩු මලු ලබාදුන් අයටම එම බඩු මලු ලබාදීම හේතුවෙන් මෙලෙස ජනතාව අතර ප්‍රකෝපකාරී තත්වයක් හටගෙන එකම ගම්මානයේ ජනතා අතර ගැටුම් නිර්මාණය වී ඇත.

වීඩියෝ https://www.facebook.com/lankatruthofficial/videos/1700876663452359

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්