ආගරපතනේ කොටියා මියයයි

ආගරපතනේ කොටියා මියයයි

ආගරපතන මැනික්පාලම වන රක්ෂිතය තුල උගුලකට අසූවී සිටියදී බේරා ගත් කඳුකර කොටියා රන්දෙනිගල පශූ රෝහලේ ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මියගිය බව වන ජීවි අධ්‍යක්ෂක වෛද්‍ය තාරක ප්‍රසාද් පවසයි.
දිගින් අඩි 8 ක් පමණ වන වයස අවුරුදු 10 ක් පමණ විය හැකි මෙම කඳුකර කොටියා වන ජීවි නිළධාරින් විසින් සොයාගන්නා විට උඟුලට අසුවීම හේතුවෙන් උදර ප්‍රදේශයට දැඩි හානි සිදුවී තිබි ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා රන්දෙනිගල පශූ රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මියගොස් ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු වන ජීවි නිළධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව මැනික්පාලම වන රක්ෂිතය අසල සිදු කල සෝදිසි මෙහෙයුමකදි දඩයක්කරුවන් විසින් අටවන ලද මරඋගුල් රැසක් සොයාගැනීමට හැකිවූ බව වාර්තා වේ.
“පැන්තාරා පාදුස් කොටියා” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකා කොටියා ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවලදී දඩයක්කරුවන් විසින් ඇටවූ උඟුල් වලට අසුවීමෙන් පසුගිය කාලසීමාවේදි විශාල වශයෙන් මරණයට පත්විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්