රුපියල් මිලියන 25ක මුදලක් වියදම් කර කල්මුණේ ප්රදේශයේ අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළව තමන්ගේ හෝ තම මව ෆේරියල් අෂ්රෆ්ගේ කිසිම සම්බන්ධයක් නැති බව හිටපු ඇමති එම්.එච්.එම් අෂ්රෆ්ගේ පුත් අමන් අෂ්රෆ් අවධාරණය කරයි.
ඔහු මේ සම්බන්ධයෙන් X ගිණුමෙහි තැබූ සටහනකින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ තම පියා ජීවතුන් අතර සිටියේ නම් “අධ්යාපන ප්රමිති වැඩිදියුණු කරන්න, කෘෂි හා මත්ස්ය කර්මාන්තයට බලපාන ප්රශ්න විසඳන්න, විශේෂ උපදෙස් හා නව රැකියා මංපෙත්වලට දිගාමඩුල්ලේ තරුණ තරුණයන්ට දොරටු විවර කරන්න” යනුවෙන් පවසනු ඇති බවය.
“මුලින්ම කිව යුත්තේ, මමවත්, මාගෙ මවත් මෙම ව්යාපාරය සමඟ සම්බන්දයක් නැති බවයි.” යනුවෙන්ද ඔහු එහි සඳහන් කර ඇත.
කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට රුපියල් මිලියන 25ක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පසුගියදා සඳහන් කර තිබිණි.
For the record, neither my mother nor I are associated with this.
— Aman Ashraff (@amanashraff) May 15, 2024
If he were alive, he would say: “Improve educational standards, address issues in agriculture/fisheries, provide access to expertise and generate career opportunities in new markets for the youth of Digamadulla.” https://t.co/Kcb3BQdPqX










