අවුරුදු සමයේ දුම්රිය ධාවනය අඩාල වෙයි…

අවුරුදු සමයේ දුම්රිය ධාවනය අඩාල වෙයි…

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි.

දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් විශේෂ දුම්රිය ධාවනය කළ නොහැකි තත්වයක් උදා වී ඇති බව සඳහන් කරන ඔහු විශේෂ දුම්රිය දෙකක් පමණක් ධාවනය කිරීමට සාකච්ඡා කරමින් සිටින බවද සඳහන් කරයි.

පෙර වසරවලදී අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය 40ක් පමණ ධාවනයේ යෙදවූයේ විශ්‍රාමික නියාමකයන්ගේ සේවය ලබාගෙන බවත් විශ්‍රාමික නියමකවරුන්ට වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් සේවයට නොපැමිණෙන බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න වැඩි දුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්