අවුරුද්දට සල්ලි හොයන්න ගස් නැග්ග පියා බිමවැටී මරුට…

අවුරුද්දට සල්ලි හොයන්න ගස් නැග්ග පියා බිමවැටී මරුට…

අලුත් අවුරුදු උදාව සැමරීමට මුදල් සොයා පුවක් ගස් නැගි සිවුදරු පියෙකු පුවක් ගසක් කඩා වැටීමෙන් එයට යටවී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඊයේ (11) ගම්පොලින් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචි නිහාල් අනුරුද්ධ දිසානායක නමැති 55 හැවිරිදි අයෙකි.

ඔහු නැගි පුවක් ගස අඩි 60ක් පමණ උස පුවක් ගසක් බවත් එහි තිබූ පුවක් වල්ලක් කැඩීම සඳහා ඔහු ඊට ගොඩවී ඇති බවත් වාර්තා වේ. ඔහු අඩි 45ක් පමණ උසට ගොඩවී සිටියදී ගස ක්ෂණිකව කඩා වැටී මොහුත් සමග බිමට ඇද වැටී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ගම්පොල ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ගම්පොල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්