අර්බුදය ඉහළට – කොටස් වෙළඳපොළ ලබන සතියේම වසා දමයි

ලබන 18 වෙනි සඳුදා සිට ආරම්භ වන සතියක කාලය පුරා කොටස් වෙළෙඳපොළ වසා දමා ඇති බව සුරැකුම්පත් විනිමය කොමිසන් සභාව නිවේදනය කරයි.

රටේ පවතින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දමන්නැයි කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩලය විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එම තීරණය කර තිබේ.

විනිමය කොමිසමේ මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින්, කොටස් මිලදිගෙන තිබෙන බොහෝ දෙනෙක් ප්‍රසන්සා කර ඇත. කොටස් වෙළඳපොළ ගනුදෙනු සිදු කළහොත් ඉතිහාසයේ දරුණුම බිඳවැටීම වලක්වා ගැනීමට කිසියම් ආරක්ෂණ වාතාවරණයක් එළඹෙන බැවින් මෙම ප්‍රසන්සාව හිමි කර දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්