මහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙන රජයේ බැඳුම්කර මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නම කියැවෙන මහ බැංකු අධිපති අර්ජුන් මහේනද්රන් මහතාගේ බෑණා වන අර්ජුන් ජේ. ඇලෝසියස් මහතාට අයත් Perpetual Pharmaceuticals (Pvt) Ltd සමාගම දේශීය වෙළෙඳපොළට ඖෂධ සැපයීමේ සමාගමක් සඳහා නියමිත ලියවිලි නොමැතිව එක් දිනකින් පසුගිය ආණ්ඩුවේ අනුග්රහයෙන් ආයෝජන මණ්ඩල අනුමැතියක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
පසුගියදා රජයේ බැඳුම්කර මිලදී ගැනීමේ වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ අර්ජුන් ජේ. ඇලෝසියස් මහතාට අයත් Perpetual තැරැව්කාර සමාගමටය.
අර්ජුන් ජේ. ඇලෝසියස් මහතාගේ අදාළ සමාගම ආයෝජන මණ්ඩල අනුමැතිය සඳමා වූ අයදුම්පත පසුගිය වසරේ නොවැම්බර් 25 දින ඉදිරිපත් කර ඇති අතර ඊට එදිනම අනුමැතිය ලැබී ඇත.
එම අනුමැතියට අදාළ ලිපිගොනු අංක 2204/2014 වන අතර ඊට ව්යාපෘති වාර්තාවක්ද ඉදිරිපත්ව තිබී නැත. එසේම ඖෂධ නිෂ්පාදන ආයෝජන බලපත්රයක් සඳහා අවශ්ය සෞඛ්ය අමාත්යාංශ බලපත්රය හෝ අනුමත ලිපිය අදාළ අයදුම්පත්රය සමග ඉදිරිපත් කර නැත. එසේම ආයෝජන සමාගම ක්රියාත්මක වන ඉඩමට අදාළ ක්ෂේත්ර අයදුම්පතක්ද ඉදිරිපත් කර නැති අතර ඒ කිසිවක් සම්පූර්ණ කිරීමකින් තොරව ව්යාපෘතියක් සඳහා ආයෝජන මණ්ඩල අනුමැතියක් ලබාදීම නීති විරෝධී වේ. සමාන්යයෙන් සෞඛ්ය අමාත්යාංශ අනුමැතිය වැනි ලියවිලි අඩුපාඩු අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරී ආයතනයෙන් විමසා තහවුරු කරගැනීමෙන් පසු අනුමැතිය දීම සිදුකරන අතර එකී ලිඛිත කාර්යයන් සඳහාද සති ගණනාවක කාලයක් ගත වේ.
ආශ්රිත පුවත්









