අර්ජුන්ගෙන් රනිල් ඇනගනියි

බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ විමර්ශනයක යෙදෙන “කෝප්” කමිටුවේ අතුරු වාර්තාවක් නිකුත් කිරීමට අතුරු වාර්තාවක් නිකුත් කිරීමට තිබියදී එක්සත් ජාතික පක්ෂය එයට විරුද්ධව ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වේ.

පසුගිය 24 වනදා රැස්වූ එම කමිටුව අතරතුරදී අතුරු වාර්තාවක් නිකුත් කිරීමට විරෝධය පා ඇමතිනී රෝසි සේනානායක සහ නියෝජ්‍ය ඇමති සූජීව සේනසිංහ ඉන් නැගිට ගොස් ඇත.

මෙම විමර්ෂණ පැවැත්වීම සඳහා පසුගිය මැයි 26වන දින කමිටුව මුල් වරට රැස්වූ අතර සති දෙකක් තුළ අදාළ අතුරු වාර්තාව ලබා දීමට නියමිතව තිබිණ. එතැන් සිට ‍මේ දක්වා අවස්ථා 13කදී කමිටුව රැස්වී අදාළ සියළුම පාර්ශවයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ති‍බේ. මහ බැංකු අධිලති අර්ජුන් මහේන්ද්‍රන් මහතාද ඒ අතර සිටී.

කමිටුව රැස්වී මසකට පසු අතුරු වාර්තාව සකස්කෙරෙන අතර වාර්යේ එක්සත් ජාතික පක්ෂය එය සහමුලින් අවුල්කරන තත්වයකට පත්ව සිටින්නේ අදාළ මහා වංචාව පිළිබඳව මහ බැංකු අධිපතිවරයා වැරදිකරු වී සිටින නිසා බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්